April 27, 2024

"මගේ පියාට විරුද්ධව උද්ඝෝෂණය කරන්නේ පිටසක්වළ ජීවින්" - අගමැතිගේ පුතා කියයි

ඊශ්‍රායාල අග්‍රාමාත්‍යවරයා වන බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මාලාව හාස්‍යයට ලක් කරමින් අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයා වන යයර් නෙතන්යාහු විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔහු එහිදී කියා තිබුණේ තමන්ගේ පියා ඉතාමත් ශක්තිමත් පුද්ගලයෙකු බවත්, ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන උද්ඝෝෂණයන්වලට ඔහු සිනාසෙන බවයි. එමෙන්ම එම උද්ඝෝෂණයන් සිදුකරන්නේ පිටසක්වළ ජීවින් විසින් බවද ඔහු විසින් ප්‍රකාශ කර තිබේ. ඒ නිසා ඔහු ඒවාට සිනාසෙන බවත්, ඔහු එයින් විනෝදයක් ලබන බවද අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ අදහස් පළ කර තිබුණේ එරට ගුවන් විදුලි සේවකය පැවැති සාකච්ඡාවකට එකතු වෙමිනි.

එමෙන්ම ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ 1983 වසරේ දී පැවැති දැවැන්ත උද්ඝෝෂණයන් හමුවේ ඉල්ලා අස් වුණු හිටපු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වන මෙනචෙම් බිගින් මෙන් නොවන බවයි.

Rate this item
(0 votes)