April 27, 2024

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුල්පිටුව මරණ දැන්වීමක් බවට පත් වෙයි

ඇමෙරිකාවේ මේ වන විට කොරෝනා ආසාදනය වී මිය ගිය සංඛ්‍යාව 99,300ක් ලෙස වාර්තා වෙයි. මෙම සතිය තුළ එය ලක්ෂයේ සීමාව ඉක්මවා යනු ඇතිබවට සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරන බවද සඳහන් වෙයි.

එවන් අවස්ථාවක ඇමෙරිකාවේ මෙන්ම ලෝකය තුළද ප්‍රසිද්ධියට පත්ව ඇති නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ඊයේ (24) දිනයේ පළ වූ ප්‍රධාන පුවත්පතේ මුල් පිටව සියලුම ප්‍රධාන පුවත් සිරස්තලයන් හා අනිකුත් ප්‍රෘවත්ති සටහන් ඉවත් කොට මරණ දැන්වීම් සඳහා පමණක් වෙන් කිරීමට කටයුතු කර තිබුණා.

මෙම මරණ දැන්වීම නිර්මාණය කර තිබුණේ කොරෝනා වෛරසය නිසා ජීවිතය අහිමි වූ ඇමෙරිකානුවන්ගේ නම් සටහන් කරමිනි. 

Rate this item
(0 votes)