April 27, 2024

"අපරාධකරුවන් පණ පිටින් ඇල්ලීමට වඩා මරා දැමීමයි සුදුසු" - පිලිපීන් ජනපති

September 19, 2019

අපරාධ කරුවන්ගේ යහපත් පැවැත්ම යන පදනම මත ඔවුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව දැඩි අප්‍රසාදයෙන් කතා කරන පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අපරාධ කරුවන් පණ පිටින් අල්ලා ගැනීමට වඩා මරා දැමීම වඩාත් සුදුසු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.

බරපතල අපරාධ සඳහා දඬුවම් ලැබ සිටින අපරාධකරුවන් 1700ක් පමණ මෙම වැඩසටහන යටතේ නිදහස් කොට තිබේ.

ස්ත්‍රී දුෂණ සහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් අවශ්‍ය කරන අපරාධකරුවන් රැසක් තවමත් නිදැල්ලේ සිටින අතර ඒ එක් අයෙක් පණ පිටින් හෝ මරා දමා අල්ලා දීම සඳහා පිලිපීන පීසොස්  මිලියනයක් එනම් ඇමරිකානු ඩොලර් 19175ක් (ශ්‍රී ලංකා මුදලින් 3450000) ප්‍රධානයක් දීමට පිලිපීන රජය තීරණය කර ඇත.

"අපරාධ කරුවන් පණ පිටින් හෝ මරා දමා අල්ලා ගැනීම සඳහා මිලියනයක තෑග්ගක් තිබෙනවා. මරා දැමීමයි වඩා හොඳ විසදුම. එහෙම කෙනෙකුට මම මේ ත්‍යාග මුදල සිනා මුසු මුහුණින් ලබා දෙනවා" යැයි පිලිපීන ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් අමතා ඉකුත් 17 වනදා ප්‍රකාශ කර තිබිණි.

රොඩ්රිගෝ ඩුටර්ටේ බලය පත් වීමට බලපෑ ප්‍රධානතම කරුණ වුයේ අපරාධ වලින් පිරි මහා මාර්ග ආරක්‍ෂිත ස්ථාන බවට පත් කරන බවට දුන් පොරොන්දුවයි.

Rate this item
(1 Vote)