April 26, 2024

සවුදි ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග යුධමය වාතාවරණයක්

September 19, 2019

යේමනයේ හුති මුස්ලිම්වරුන් විසින් සවුදි අරාබියාවේ ප්‍රධානතම තෙල් පිරිපහදු 2කට එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු මැද පෙරදිග යුධමය තත්වයක් ඇති වන ස්වභාවයක් ඉස්මතු වී තිබේ.

සවුදි අරබියාවට එල්ල කල මේ ප්‍රහාරයත් සමඟම ලොව ප්‍රධානතම බොර තෙල් සැපයුම්කරුවා වන සවුදි අරාබියාව සිය සැපයුම් වලින් අඩක් නවතා දැමීය.

සවුදි අරාබියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඒකාබද්ධව කරන මෙහෙයුම් වලට එරෙහිව 2015 සිටම යුධ වැදී සිටින හුති කැරලිකරුවන් පවසන්නේ සවුදියට එරෙහි සිය ප්‍රහාර තවත් ව්‍යාප්ත කරන බවයි.

මෙම කැරලිකරුවන්ගේ ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ චෝදනා කරයි. ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ඇමරිකාව සිය ක්‍රියාමාර්ග සාධාරණය කිරීමට මෙවන් ප්‍රකාශ කරන බවය.

මෙම ත්‍රස්තවාදී ප්‍රහාර වලට මුහුණ දීමට තම රට සුදානම් බව සවුදි අරාබිය පවසන අතර සවුදි අරාබිය විසින් මේ සම්බන්ධයෙන් සකස් කරනු ලබන වාර්තාවෙන් පසු හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළ කරයි.

ඇමරිකාවේ මූලිකත්වයෙන් මැද පෙරදිග දියත් වන නාවික මෙහෙයුම් වලට එක් වීමට සවුදි අරාබිය තීරණය කර ඇති අතර ඔස්ට්‍රේලියාව, බහරේන් සහ බ්‍රිතාන්‍ය දැනටමත් ඊට එක් වී සිටියි.

Rate this item
(0 votes)