June 04, 2024

ෆ්ලැෆී බර්ඩ් ඇප්ස්ටොර් තුළට 

ෆ්ලැෆී බර්ඩ් (Flappy Bird) යන ජංගම දුරකතන ක්‍රීඩාව අනාගතයේ දී ඇපල් සමාගමේ ඇප්ස්ටොර් තුළට (App store) අඩංගු කිරීමට සූදානම් කර ඇති බව එම ක්‍රීඩාවේ නිර්මාතෘ ඩොංග් ගිව්එන් සඳහන් කර තිබේ.

එය නිර්මාණය කිරීමෙන් අනතුරු ව ඇතුළත් කරන බවත් සැලසුමක ආකාරයෙන් එය සිදු නොකරන බවත් ඉක්මනින් එය සිදු කිරීමට තමා අපෙක්ෂාවෙන් සිටින බවත් රසිකයෙකුගේ ප්‍රශනයකට පිළිතරු ලබා දෙමින් ඔහු පෙන්වා දී ඇත.

එය ඩොංග් ගිව්එන්ගේ සාමාන්‍ය ජීවිතයට කරදරයක්වීම හේතුවෙන් ඔහු විසින් එය අන්තර්ජාලයෙන් ඉවත් කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2013 වසරේ මැයි මස නිර්මාණය කළ එම ෆ්ලැෆී බර්ඩ් ජංගම දුරකතන ක්‍රීඩාව නොමිලේ භාගත කර ගැනීමේ හැකියාව පවතී.

එම ක්‍රීඩාවෙන් කළ යුත්තේ එහි ඇති කුරුල්ලා දුරකතනය ආදාරයෙන් නොනවත්වා ඉදිරියට පියාසර කරවීමයි.

එම ක්‍රීඩාව මිලියන 50 කට වැඩි වැඩි වාර ගණනක් භාගත කර ඇති අතර දිනකට ඩොලර් 50,000 ක ආදායමක් නිර්මාතෘ විසින් උපයාගෙන තිබේ.

Rate this item
(0 votes)