බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු තියුණු ආයුධයකින් කපා කොටා මරා දමා ඇති බව වාර්තා වේ.
මෙම ඝාතනය පසුගිය මාස කිහිපය තුළ සිදු වූ සර්වාගමික මතධාරී අන්තර්ජාල මාධ්‍යයකරුවන් සහ අනාගමික ක්‍රියාධරයන්ගේ ඝාතනවලට සමාන බව එරට පොලීසිය පවසන්නේ.
බටහිර බංග්ලාදේශයේ රා-ශාහි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ඒ.එම්. රෙසෞල් කරිම් සිද්දික් නමැති 58 හැවිරිදි මහාචාර්යවරයා මෙසේ මරා දමා ඇත්තේ ඔහු තම නිවසේ සිට විශ්වවිද්‍යාලය බලා යද්දී හඳුනා නොගත් පිරිසක් විසින් ඔහුට තියුණු ලෙස කැපෙන මන්නා පිහියක් වැනි ආයුධ වලින් පහරදීමෙන් බව වාර්තා වේ.
පසුගිය වසරේ දී සර්වාගමික මතධාරි නමගිය අන්තර්ජාල මාධ්‍යවේදීන් හතර දෙනකු මරා දැමුනේද මෙලෙස තියුණු ආයුධ වලින් පහර දීමෙනි.
සහකාර පොලිස් අධිකාරී නහිදුල් ඉස්‌ලාම් පුවත් සේවයට ප්‍රකාශකළේ මහාචාර්ය සිද්දික් සංස්‌කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර බග්මාරා ප්‍රදේශයේ පාසලක් ද අරඹා තිබූ බවයි.