ඉන්දියාවට බලපා ඇති දැඩි නියඟය ඉදිරි දින කිහිපය තුළ පහ ව යනු ඇති බව එරට කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළ කර තිබේ.
ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකට මාස කිහිපයක සිට දැඩි නියං සහිත කාලගුණ තත්ත්වයක් බලපා ඇත.
එමගින් මධ්‍ය ප්‍රදේශ් සහ කර්නාටක් ප්‍රාන්තවලට වැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඒ හේතුවෙන් ගත වූ මාස 03 ක කාල සීමාව තුළ අධික උෂ්ණත්වයෙන් මියගිය සංඛ්‍යාව 45 ක් පමණවන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක් වේ.
බොහෝ ප්‍රදේශවල සෙල්සියස් අංශක 45 ට ආසන්න පරිසර උෂ්ණත්වයක් පවතින බව ද වාර්තා වේ.