May 13, 2024

කැනඩාවේ ගුවන් අනතුරක්

කැනඩාවේ මැග්ඩලන් දූපත්හි සිදු වූ ජෙට් යානා අනතුරකින් එහි ගමන් ගත් සියළු දෙනා මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය පිරිස 7ක් වන අතර ඔවුන් අතර දේශීය ගුවන්විදුලි මාධ්‍යවේදියෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

යානය හිම සහිත භූමියක පතිත වී ඇති අතර මෙම පිරිස හිටපු ප්‍රවාහන අමාත්‍ය ජීන් ලැපියර්ගේ පියාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගීවීම සඳහා තම පවුලේ සාමාජිකයන් සමඟ ගමන් කර ඇත.

Rate this item
(0 votes)