April 28, 2024

ඔබාමා රාවුල් කැස්ත්‍රෝ හමුවෙයි 

ඓතිහාසික කියුබානු චාරිකාව ආරම්භ කරමින් වසර 88 කට පසු ඊයේ (20) හවානා නුවරට පැමිණි අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා අද (21) එරට ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ හමුවීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වුව ද ජනාධිපති ඔබාමා කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ හමු නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1959 වසරේ දී අමෙරිකානු හිතවාදී ඒකාධිපති පාලනය ෆිදෙල් කැස්ත්‍රෝ මෙහෙය වූ විප්ලවයෙන් බිඳ වැටීමෙන් අනතුරු ව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නතර විය.

නිරවි යුද සමයේ දී අමෙරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර පසමිතුරුකම් වැඩිවූයේ කියුබාව රුසියානු කඳවුරේ කොමියුනිස්ට් රාජ්‍යයක් වූ බැවිනි.

කෙසේ වුව ද දෙරට අතර සබඳතා පිළිබඳ රාවුල් කැස්ත්‍රෝ සහ ජනාධිපති බැරැක් ඔබාමා 2014 වසරේ දී එකඟත්වයකට පැමිණ තිබේ.

 

Rate this item
(0 votes)