April 28, 2024

බොකෝහරාම් සාමාජිකයන් 89කට මරණ දඬුවම 

අප්‍රිකානු කැමරූන් රාජ්‍ය නයිජීරියානු බොකෝහරාම් සාමාජිකයන් 89 දෙනෙකු සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබේ.

ඔවුන් කැමරූන් රාජ්‍යයේ උතුරුදිග නයිජීරියානු දේශසීමාව ආසන්නයේ ත්‍රස්ත ප්‍රහාර රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇත.

කැමරූන් 2014 වසරේ දී දැඩි ත්‍රස්ත මර්දන නීති හඳුන්වාදුන් අතර මරණ දඬුවම ද යළි පණගන්වනු ලැබී ය.

බොකෝහරාම් ත්‍රස්ත කල්ලිය සමග සම්බන්ධ බවට නයිජීරියාව පුද්ගලයන් 850 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් අතර ඉන් 89 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම පනවා ඇත.

 

Rate this item
(0 votes)