April 27, 2024

උතුරු කොරියාව අදත් මිසයිල අත්හදා බැලීමක 

උතුරු කොරියාව අද (18) තවත් බැලිස්ටික් මිසයිලයක් මුහුදට එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුරුත්ව බලය යොදා ගෙන එල්ල කරනු ලබන බැලිස්ටික් හෙවත් ප්‍රක්ෂේප මිසයිල තාක්ෂණය මෑතක දී උතුරු කොරියාව අත්කරගනු ලැබූ තාක්ෂණයකි.

එම මැදිදුර මිසයිලය නිරිතදිග උතුරු කොරියාවේ සුක්චොන් සිට කිලෝමීටර් 800 ක් දුරින් ජපාන මුහුද වෙත එල්ල කර තිබේ.

රුසියානු - ස්කඩ් මිසයිල තාක්ෂණයට සමාන මෙම බැලිස්ටික් මිසයිල කිලෝමීටර් 1300 ක් පමණ දුරට එල්ල කළ හැකි බව වාර්තා වේ.

පසුගිය ජනවාරි 06 වැනිදා උතුරු කොරියාව සිය 04 වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම ද සිදු කරනු ලැබී ය.

 

Rate this item
(0 votes)