April 28, 2024

කුලය නිසා මාමණ්ඩිය බෑණා ඝාතනය කරයි (VIDEO)

උසස් කුලයක් ලෙස සැලකෙන තේවාර් කුලයේ තරුණියක් විවාහ කර ගත් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුලහීන තරුණයෙකු, තරුණියගේ ඥාතීන් විසින් ඝාතනය කර තිබේ.

කෞශල්‍යා නමැති 19 හැවිරිදි තරුණිය ද එහි දී තුවාල ලබා ඇති අතර, ඇය රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.

ඩාලිට් හෙවත් පහත්ම ලෙස සැලකෙන කුලයකට අයත් 23 හැවිරිදි ඉංජිනේරු ශිෂ්‍යයෙක් එලෙස මිය ගොස් තිබේ.

ඉගෙනුම ලබන අතරවාරයේ පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇති ඔවුන් දෙදෙනා මීට මාස අටකට ඉහත දී විවාහ වී ඇත්තේ තරුණියගේ පවුලේ දැඩි විරෝධය හමුවේ ය. 

සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය තරුණිගේ මාමණ්ඩිය පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. පහරදීම සිදු කොට යතුරු පැදියකින් පළා ගිය තවත් තිදෙනකු සොයා මෙහෙයුම් සිදු කරන බව ප්‍රාන්ත පොලීසිය සඳහන් කරයි.

තිරුපූර්හි දී පසුගිය දා ඔවුන්ට එල්ල වූ ප්‍රහාරය සිසිටීවී කැමරාවල සටහන්ව තිබූ අතර, එහි දැක්වෙන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු ඔවුන්ට තිබුණු ආයුධවලින් පහර දෙන ආකාරයයි. 

එම සීසීටීවී දර්ශන පහතින්,

 

Rate this item
(0 votes)