April 28, 2024

තුර්කියට බෝම්බ ප්‍රහාරක් - 37 ක් මියයයි

තුර්කියේ අන්කාරා අගනුවර මෝටර් රථයක් තුළ පුපුරා ගිය බෝම්බයට ගොදුරු වී පුද්ගලයන් 37 දෙනකු මරණයට පත් වී ඇති බව තුර්කියේ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඊයේ (13) එල්ල වූ බෝම්බ ප්‍රහාරයට හසු වී තුවාල ලත් 70කට අධික පිරිසක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවත් අමාත්‍ය මෙහෙමට් මුවෙසිනොග්ලු කියා සිටී.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා තුර්කිය සතු අධිෂ්ඨානය ඉහළ නැංවීමට ඉහත කී ප්‍රහාරය රුකුලක් වී ඇති බව එරට ජනාධිපති රෙජේප් ටයියේප් එර්දොහාන් අවධාරණය කළේ ය.

කුර්දි කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බව බලධාරීන්ගේ විශ්වාසය වී ඇත.

ඉරාකයේ උතුරු දිග පිහිටි කුර්දි කැරලිකරුවන් සතු කඳවුරු ඉලක්ක කර තුර්කි ගුවන් යානා ප්‍රහාර එල්ල කර තිබේ.

මේ අතර තුර්කියේ දකුණු දිග පිහිටි අදානා නගරයේ දී කැරලිකරුවන් බවට සැක කෙරෙන පුද්ගලයන් ගණනාවක් රැඳවුම් භාරයට ගත් බව තුර්කි පොලීසිය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 14 March 2016 15:51