May 11, 2024

නාසා අලුත් වැඩක 

නාසා ආයතනය 'සුපර් සොනික් මගී ජෙට් යානයක්' නිපදවමින් සිටින බව වාර්තා වේ.

මෙය 'එක්ස් - ප්ලේන්' මාලාවේ පළමු අදියර බව වර්ජිනියා‍හි රොනල්ඩ් රේගන් ජාතික ගුවන්තොටුපොළේ දී පැවැති උත්සවයක දී නාසාහි පරිපාලක චාර්ල්ස් බෝල්ඩන් සඳහන් කරයි.

එය ඉතා විශිෂ්ට ලෙසත්, ආරක්ෂාකාරී ලෙසත්, සුවපහසු ලෙසත් නිපදවීමට නාසා ඉතා වෙහෙස වී කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. 

එසේම වේගයෙන් ගමන් කළ හැකි යානයක් නිපදවීම ඉලක්කය බවත් ඔහු සඳහන් කරයි. ඒ සඳහා නිරන්තර පර්යේෂණ සහ සමීක්ෂණ කටයුතු ද සිදු කෙරෙන බව වාර්තා වේ. මේ සඳහා සුපර් සොනික් තාක්ෂණයේ විශිෂ්ටයින්ගෙන් සමන්විත කණ්ඩායමක් දැවැන්ත කටයුත්තක නිරත වේ.

එහි ප්‍රාථමික නිර්මාණ කටයුතු සඳහා මාස 17ක් තුළ ඩොලර් මිලියන 20ක් සපයා ඇති බවත් ලොක්හීඩ් මාර්ටින් ඇතුළු කණ්ඩායම සමග උප කොන්ත්‍රාත්කරුවන් ලෙස සින්සිනාට්හි ජීඊ ගුවන්සේවා සහ කැලිෆොනියා හන්ට්න්ග්ටන් බීච් ට්‍රයි මොඩල් සමාගමත් නිර්මාණ කටයුතුවල නිරත වේ. ඔවුන්ගේ එකතුවෙන් ඉදිරිපත් කෙරෙන මාදිලිය QUESSTජෙට් යානයේ අඩිතාලමවනු ඇත.

නාසාහි නවතම ඉලක්කය ඉන්ධන අඩුවෙන් භාවිතයයි. දුම් රහිත සහ ශබ්දය අවමවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. මේ සඳහා වසර කිහිපයක් ගත විය හැකි වුවත් වසර 2020 වනවිට එහි අවසාන අදියරට පත්වනු ඇති බව නාසා ආයතනය සඳහන් කරයි. 

Rate this item
(0 votes)