May 12, 2024

ජපාන ජනගහණයේ මිලියනයක අඩුවීමක්

February 29, 2016

පසුගිය වසර 05ක කාලය තුළ ජපානයේ ජනගහනය මිලියනයකින් පමණ අඩුවී ඇති බවත්, එය වර්ෂ 1920 දී පැවති ජන සංගණනයෙන් පසුව සිදුවූ ප්‍රථම පහළ යෑම බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2015 වසරේ ඔක්තෝබර් මාසයේදී මිලියන 127.1ක ජනගහනයක් ජපානයෙන් වාර්තා වූ අතර, එය අවසන් වරට පැවති ජන සංගණනයට වඩා 0.7% ක ජනගහන පහළ යෑමක් ලෙස එරට සංගණන වාර්තා පෙන්වා දෙයි.

2010 වසරේ පැවති ජන සංගණනයට වඩා මේ වනවිට ජපානයේ වෙසෙන ජනගහනය 947,000කින් අඩු වී ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එරට උපත් අනුපාතිකය ශීඝ්‍රයෙන් පහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් ජපානය තුළ වේගයෙන් ඉහළ යන වැඩිහිටි ජන අනුපාතය එරට ආර්ථිකය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරමින් ඇති බවත් එමනිසා සෞඛ්‍ය වියදම් ද වේගයෙන් වැඩි වී ඇති බවත් කියැවෙයි.

Rate this item
(0 votes)