May 12, 2024

ස්ත්‍රී දූෂණයට වරදකරුවන් වූ රණවිරුවන් දෙදෙනෙකුට වසර 360 ක සිර දඬුවම්

February 28, 2016

ගෝතමාලාවේ මුල් පදිංචිකාර කාන්තාවන් දූෂණය කිරීම සහ ඔවුන් වහල් භාවයේ රඳවා ගැනීමේ චෝදනා වලට වරදකරුවන් වූ හිටපු හමුදා ප්‍රධානීන් දෙදෙනෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර තුන්සිය හැටක සිර දඬුවමක් නියම කරනු ලැබුණි.

1980 දශකයේ ගෝතමාලා හමුදා නැගිටීමේදී සොල්දාදුවන් විසින් සිදු කරනු ලැබූ ලිංගික අඩන්තේට්ටම් වලට එරෙහිව ගොනු කෙරුණු චෝදනා ඔප්පු වූ පළමු වතාව මෙයයි.

එවකට ගෝතමාලා ප්‍රධාන හමුදා කඳවුරක අණදෙන නිලධාරීවරයාව සිටි 'හෙරිබෙතෝ වල්දෙස් අසිජ්' (Heriberto Valdez Asij) විසින් කෑම පිසීම, බැරැක්ක පිරිසිදු කිරීම වැනි කටයුතු සිදු කිරීමට බලහත්කාරයෙන් මුල් පදිංචිකාර කාන්තාවන් යොදවනු ලැබ ඇති බව අධිකරණයේ දී හෙළි විය.

එලෙස හමුදා කඳවුරු වල වහල් සේවයේ යොදවා සිටි මෙම කාන්තාවන් සොල්දාදුවන්ගේ නිරන්තර ලිංගික අපයෝජනයට සහ දූෂණයට ලක් වී තිබේ.

ඊට අමතරව පුද්ගලයන් හත් දෙනෙකු අතුරුදහන් කරවීමේ චෝදනා වලටද 'හෙරිබෙතෝ වල්දෙස් අසිජ්' වරදකරු බව අධිකරණය විසින් තීන්දු කරනු ලැබීය.

දඬුවමට යටත් කෙරුණු අනෙක් හිටපු අණදෙන නිලධාරියකු වූ ෆ්‍රැන්සිස්කෝ රේයස් (Francisco Reyes Giron)විසින් එම හමුදා කඳවුරේදී කාන්තාවන් පහළොස් දෙනකු ලිංගික වහල්භාවයේ රඳවා ගෙන සිටීම සහ ඒ අතරින් එක් කාන්තාවක් සහ ඇයගේ දියණියන් දෙදෙනා ඝාතනය කිරීමට වරදකරු බව ප්‍රකාශ කෙරිණ.

(බීබීසි)

Rate this item
(0 votes)