May 11, 2024

සෝමාලියානු අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් 

February 27, 2016

අප්‍රිකානු - සෝමාලි රාජ්‍යයේ මොගඩිෂූ අගනුවර හෝටලයකට ඊයේ නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එමගින් පුද්ගලයන් 09 දෙනෙකු පමණ මරණයට පත් ව ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය සෝමාලියාවේ අල් - ෂබාබ් ඉස්ලාමීය අන්තවාදී කල්ලිය විසින් එල්ල කරන්නට ඇති බවට විශ්වාස කරයි.

සෝමාලි තරුණ ලීගයට අයත් මෙම හෝටලය ඉදිරිපිට මෝටර් රථ බෝම්බයක් පුපුරුවා ඊට කඩාවැදුනු සන්නද්ධ ත්‍රස්තවාදීන් වෙඩි තැබීම් සිදුකර ඇති අතර ප්‍රහාරයට පැමිණි හතර දෙනෙකු ද ගැටුමේ දී මියගොස් තිබේ.

මොගඩිෂූ අගනුවර ජනයා රොක් වී සිටින සාම උද්‍යානයේ ද ඊයේ (26) පිපිරවීමක් සිදු වී ඇති අතර එහි දී සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

සෝමාලියානු ජනාධිපති නිවහන ආසන්යේ ප්‍රහාර එල්ල වූ එම ස්ථාන දෙකම පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)