May 13, 2024

UN හිටපු මහලේකම් අභාවප්‍රාප්ත වෙයි

February 17, 2016

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම්වරයෙකු වූ භුට්‍රොස් භුට්‍රොස්-ඝාලි මහතා මිය ගොස් ඇති බන එම සංවිධානය නිවේදනය කරයි.

උකුල් ප්‍රදේශයේ බිඳීමක් හේතුවෙන් ඊජිප්තුවේ, කයිරෝ අගනුවර රෝහලකට ඇතුළත් කර තිබිය දී ඔහු ඊයේ (16) මරණයට පත් ව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනිසියුලානු තානාපතිවරයා මෙන් ම, එම සංවිධානයේ ආරක්ෂක අංශ කවුන්සිලයේ වත්මන් සභාපතිවරයා ද ඔහුගේ මරණය සිදු ව ඇති බව තහවුරු කර තිබේ.

ඊජිප්තු ජාතිකයෙකුවන භූට්‍රොස්-ඝාලි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රථම අරාබි ජාතිකයා ලෙස ද ඉතිහාසයට එක් ව සිටියේ ය.

ලෝකයම ගල්ෆ් යුද තත්ත්වයෙන් ඇලලී ගිය යුගයක වර්ෂ 1992 දී සංවිධානයේ මහ ලේකම් ධුරයට තේරී පත් වූ ඒ මහතා වසර 05 ක කාලයක් එම ධුරයේ කටයුතු කර ඇත.

 

Rate this item
(0 votes)