May 13, 2024

සුපිරි ඉන්දීය නළුවන්ගේ ප්‍රසංගයක ගින්නක් (VIDEO) 

ඉන්දියාවේ මුම්බායිහි පැවති සංස්කෘතික ප්‍රසංගයක ගින්නක් හටගෙන තිබේ.

ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්, අමීර් ඛාන් සහ ප්‍රවීණ නිලි හේමා මාලිනී ද එම ප්‍රසංගයට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ‍”Make in India” වැඩසටහනේ එක් අංගයක් ලෙස මෙම ප්‍රසංගය පැවැත් විය.

වේදිකාව මත ශිල්පීන් නර්තනයේ යෙදී සිටින අවස්ථාවේ එම වේදිකාව යට විශාල ගිනිදැල් පැතිරෙමින් තිබූ බව වාර්තා වේ.

ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සිය රංගනය නිමා කර වේදිකාවෙන් බැස තිබුණේ ගින්න හට ගැනීමට සුළු වේලාවකට පෙර ය.

පසුව උත්සවයට සහභාගී වූ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර ෆඩ්නාවිස්, ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන්ට සංඥා කර නර්තන ශිල්පීන්ගේ රැඟුම් නතර කර ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යාමට පියවර ගෙන තිබේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇතැයි වාර්තා වේ.

සතියක කාලයක් පැවැත්වෙන “Make in India” ව්‍යාපෘතියට රටවල් 49කින් නියෝජිත‍යින් සහභාගීවන අතර විදේශික ආයතන 2500ක් සහ ඉන්දීය සමාගම් 8000ක් ද ඊට අයත් වේ.

Rate this item
(0 votes)