May 13, 2024

IS අන්තවාදීන්ගෙන් කිතුණුවන් බේරාගන්න - ඓතිහාසික ප්‍රකාශයක්  

February 14, 2016

මැදපෙරදිග කලාපයේ IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයට ගොදුරුව සිටින කිතුණුවන් ආරක්ෂා කරගැනීම සඳහා ලෝක ප්‍රජාව කටයුතු කරන්නැයි ෆ්‍රැනිසිස් පාප් වහන්සේ හා රුසියානු සාධාර්මික නිකායේ ප්‍රධානී කිරිල් එක්ව ඓතිහාසික ප්‍රකාශයක් සිදුකර තිබේ.

"මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවේ බොහෝ රටවල අපේ කිතුණු සහෝදර සහෝදරියන්ගේ පවුල් හා ගම්බිම් සම්පූර්ණයෙන්ම විනාශ කරමින් සිටිනවා" යැයි මෙම ආගමික නායක දෙපළ එක්ව සිදුකළ එකී ඓතිහාසික ප්‍රකාශයේ දැක්වෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කිතුණු පල්ලි ම්ලේච්ඡ පලිගැනීමකට ලක්වන බවත්, බොහෝ දේ පැහැරගෙන ගොස් ඇති බවත්, ඔවුන්ගේ ශුද්ධ වස්තූන් පවා කෙලෙසා ඇති බවත් ආගමික නායක දෙපළ අවධාරණය කරති.

මෙම ප්‍රකාශය ඓතිහාසික ප්‍රකාශයක් වන්නේ රෝමානු කතෝලික පාප් වහන්සේ හා රුසියානු සාධාර්මික නිකායේ ප්‍රධානී යන නායක දෙපළ ක්‍රිස්තියානයේ බටහිර හා නැගෙනහිර ශාඛාවන්හි වසර 1,000ක පමණ බෙදී වෙන්ව සිටීමකින් පසුව මෙසේ ලෝක ප්‍රජාව වෙත එක්ව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉදිරිපත් වීමය.

කියුබා ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී මෙම ඓතිහාසික හමුව සිදු වූ අතර, එම විශේෂ රැස්වීම් ශාලාවට ඇතුළු වෙමින්, රුසියානු සාධාර්මික නිකායේ ප්‍රධානී කිරිල් වැළඳ ගනිමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටියේ, "අපි සහෝදරයන්" යනුවෙනි.

 

Rate this item
(0 votes)