May 13, 2024

“සීකා” ආසියාවටත් පැමිණෙයි

February 11, 2016

ලොව පුරා ව්‍යසනයක් ලෙස පැතිරී යන සීකා වෛරසය චීනයට සහ ඕස්ට්‍රේලියාවට ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.

ඒ සිකා වෛරස් ආසාදිත රෝගීන් කිහිපදෙනෙක් එම රටවලින් සොයාගැනීමත් සමඟයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන පරිදි චීනයේ ප්‍රථම රෝගියා හඳුනාගෙන ඇත්තේ නැගෙනහිර ජිනක්ෂි පළාතෙන් වන අතර 34 හැවිරිදි එම පුද්ගලයා දකුණු ඇමරිකාවේ සංචාරයකින් පසු චීනයට පැමිණ ඇත.

මේ අතර ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ද  සිකා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් තිදෙනකු සොයාගෙන ඇතැයි එරට සෞඛ්‍ය බළධාරීන් ප්‍රකාශ කරන අතර මොවුන් ද විදේශ සංචාරයන්හි නිරත වී ඇති බව වාර්තා වේ.  

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිකා වෛරස් ආසාදනය සම්බන්ධව ලොව පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම වෛරසය ශරීරගත වූ ගර්භනී කාන්තාවන්ට උපදින දරුවන්ගේ මොළය වර්ධනය අඩු වීමේ අවදානමක් ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 February 2016 12:55