සිරියානු හා තුර්කි දේශසීමාවල තුර්කි හමුදා සමග IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් දරුණු ගැටුම් ඇතිකර ගෙන ඇති බවත් ප්‍රහාර හේතුවෙන් සොල්දාදුවෙක් මරණයට පත් ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් තවත් සොල්දාදුවන් දෙදෙනෙකු මරණයට පත් ව ඇති බව කිල්ස් පළාතේ ආණ්ඩුකාරවරයා පවසයි.
මෙම ප්‍රහාරයට තුර්කිය ද බර අවි යොදාගෙන ප්‍රතිප්‍රහාරය එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ද මරණයට පත් ව ඇති බව හමුදාව විශ්වාස කරයි.
කුර්දි බලය වැඩි ගිණිකොණදිග තුර්කය වෙත මීට දින කිහිපයකට පෙර බෝම්බ ප්‍රහාරයක් එල්ල වී පුද්ගලයන් 32 දෙනෙකු මරණයට පත්වීමෙන් අනතුරු ව මෙම ගැටුම් ඇති වී තිබේ.
එම ප්‍රහාරය ද ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් විසින් එල්ල කළ බව තුර්කි හමුදා විශ්වාස කරයි.