පෘථිවියට බොහෝ සමානකම් ඇති ග්‍රහලෝකයක් කෙප්ලර් දුරේක්ෂය මගින් සොයා ගැනීමට හැකි වූ බව නාසා ආයතනය සඳහන් කරයි.
එදාමෙදා තුර අභ්‍යවකාශයේ සොයා ගැනුණු පෘථිවියට බොහෝ සමානකම් දක්වන ග්‍රහ වස්තුව මෙය බව එම මෙහෙයුමට සම්බන්ධ විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙවැනි ග්‍රහලෝක සිසිලසෙන් යුක්තවන අතර ප්‍රමාණයෙන් ද එතරම් විශාල නොවන බව වාර්තා වේ. එසේ ම එහි මතුපිට ද්‍රව ජලය මෙන්ම ජීවයක් රැඳීමේ හැකියාව ඇති බව ද විශ්වාස කරයි.
එම නව ග්‍රහලෝකය පෘථිවියෙන් ආලෝක වර්ෂ 1,400 ක් ඔබ්බෙන් පවතී. මෙම නව ග්‍රහලෝකය Earth 2.0 ලෙස නාසා ප්‍රධාන විද්‍යාඥ ජෝන් ග්‍රන්ෆෙල්ඩ් හඳුන්වයි.