සිරියාව අයිඑස් කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් විශාල ජීවිත හානියක් සිදු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
සිරියානු රජය විසින් පසුගිය දින කිහිපය පුරාම සිරියාවේ සබාඩානි නගරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් අයිඑස් කැරළිකරුවන් මෙන් ම එරට සාමාන්‍ය ජනතාව ද ජීවිතක්ෂයට පත් වී තිබේ.
එසේම කුඩා ළමයි ඇතුළු විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් වහාම සිරියාව එල්ල කරන ගුවන් ප්‍රහාර නතර කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇත.