චෝදනාවට ලක් වී සිටින ජෙනරාල් ජෙෆ්රි සින්ක්ලෙයාර් මෙතෙක් එවැනි චෝදනාවකට ලක් වූ ඉහළම ඇමෙරිකානු නිලධාරියා වේ.
උතුරු කැරොලිනාවේ බ්‍රැග් වරාය හමුදා කඳවුරේ දී ඒ පිළිබඳ පැවැති නඩු විභාගය ඉතා උණුසුම් වාද විවාදවලින් යුක්ත වී ඇතැයි වාර්තා වේ.
51 හැවිරිදි ජෙෆ්රිට එරෙහි චෝදනා නඟන කපිතාන්වරියගේ නම හෙළිදරව් කර නොමැති අතර ජෙනරාල්වරයාට එරෙහි බොරු චෝදනා නඟමින් කාන්තාවක් ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන අවශ්‍යතාවක් අනුව බව විත්තියේ නීතිඥයෝ පවසති.