May 19, 2024

නයිජීරියාවේ බෝම්බ පිපිරීමකින් 49 ක් මරුට  

ඊසාන දිග නයිජීරියාවේ - ගොම්බේ නගරයේ වෙළඳපොලක ඊයේ (16) සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

රාමසාන් උත්සවය වෙනුවෙන් සාප්පු සවාරියේ නිරත වූ ජනයාගෙන් වෙළඳපොල පිරී පැවති මොහොතක මෙම බෝම්බ පිපිරීම් සිදු ව ඇත. මියගිය පිරිස අතර ළමයින් විශාල සංඛ්‍යාවක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉස්ලාමීය අන්තවාදී බොකෝහරාම් සංවිධානය මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැළකේ. පසුගිය මැයි මාසයේ දී ජනාධිපති මුහම්මදු බුහාරි බලයට පත්වීමෙන් අනතුරු ව බොකෝහරාම්වරු සිය ප්‍රහාර උත්සන්න කර ඇත.

Rate this item
(1 Vote)