May 19, 2024

ලොව පුරා ජනතාව 99% ක් ඔබාමා සමග

ඉරානය සමග අත්සන් කළ න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ ලොව පුරා ජනතාවගෙන් 99%ක් තමා ගත් තීරණය සමග සිටින බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

තම තීරණය හෙළා දකින ලද පුද්ගලයන්ට අභියෝගයක් ඉදිරිපත් කළ අමෙරිකානු ජනාධිපතිවරයා හැකිනම් මීට වඩා ඵලදායී විසඳුමක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබේ.

ඉරානය සමග අත්සන් කළ නව න්‍යෂ්ටික ගිවිසුම ලබන සතියේ ජගත් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහි දී එය සම්මත වුවහොත් ඉරානයට පනවා ඇති සම්බාධක අවමවන අතර ඊට ප්‍රතිචාර ලෙස ඉරානය සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අවම කරනු ඇතැයි වාර්තා වේ.

Rate this item
(1 Vote)