ගිණිකොන දිග ඔස්ට්‍රේලියාවේ පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් එහි ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම දෛනික කටයුතුද අඩපණ වී ඇති බව එම වාර්තා පෙන්වා දෙන අතර මෙම ශීත කාලගුණය ඉදිරි දින කිහිපය තුළද පැවතිය හැකි බවත් එය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය කරාද පැතිර යාමේ අවදානමක් පවතින බවත් එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අධික ශීත කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට එරට රජය පියවර ගෙන ඇත.