වියදම් කප්පාදු කිරිමේ අරමුණින් අමෙරිකාව යුද හමුදා භටයින් 40,000 ක් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතර ව යුද හමුදාවට සම්බන්ධ සිවිල් පුද්ගලයින් 17,000 ක් ද සේවයෙන් ඉවත් කිරීමට අමෙරිකාව සැළසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දේ.
එහෙත් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර එය මෙම සති අන්තයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අමෙරිකාවේ සිටින යුද හමුදා භටයින් සංඛ්‍යාව 450,000 දක්වා අඩු වෙයි.