කරාටේ කිඩ් (Karate Kid) චිත්‍රපටයේ නිෂ්පාදක ජෙරී වේන්ට්‍රෝබ් (Jerry Weintraub) ඊයේ (06) අමෙරිකා එක්සත් ජන පදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා නගරයේ දී මරණයට පත් ව තිබේ.
ඔහු මරණයට පත් ව ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් බවත් මිය යන විට හෙතෙම 77 වැනි වියේ පසු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1937 දී සැප්තැම්බර් 26 වැනි දා උපත ලැබූ වේන්ට්‍රෝබ් මුලින් ම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ සංගීත අංශයෙනි. 1970 දී ප්‍රකට ගායක ජෝන් ඩෙන්වර්ගේ කළමනාකරු ලෙස කටයුතු කළේ ය. ඊට අමතර ව කරාටේ කිඩ් චිත්‍රපටවලට අමතර ව ඕෂන්ස් ඉලවන් (Ocean's Eleven) චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස ද ඔහු ප්‍රසිද්ධ විය.