ටියුනීසියාවේ සංචාරකයින් තිස් අට දෙනෙකු ඝාතනය කෙරෙමින් වෙරළබඩ සංචාරක නිකේතනයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සැලසුම් හෙළි කර ගැනීමට හැකි වී තිබෙන බව ටියුනීසියා බලධාරීහු පවසන අතර ටියුනීසියානු අමාත්‍ය කමෙල් ජෙන්දෞබි කියා සිටියේ පසුගිය සිකුරාදා සිදු වූ මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් අට දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන සැක පිට රඳවා ගෙන සිටින බවයි.
තම සංවිධානයේ සාමාජිකයෙකු විසින් ප්‍රහාරය සිදු කරන ලද බවට ISIS ත්‍රස්තවාදීන් ප්‍රකාශයට පත් කොට ඇති අතර බීබීසි ලෝක සේවය වාර්තා කළේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාට එතරම් සංවිධානාත්මක ලෙස සහය ලැබීම ඉතා බිය උපදවන සුලු බවත් තවත් මෙවන් ප්‍රහාර සිදු වීමට ඉඩ ඇති බවට විශ්වාස කිරීමට එය හේතු සපයන බවත් ය.
මිය ගිය සංචාරකයන් අතරින් තිස් දෙනෙකුම බ්‍රිතාන්‍ය ජාතිකයන් වන බව ලන්ඩනයේ බලධාරීන් මේ වන විට සනාථ කොට තිබේ.