පැතිර යන මර්ස් වෛරසය පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් මර්ස් හදිසි තත්ව කමිටුවක් ඊයේ (16) සවස ජිනීවා නුවර රැස් වූ බව වාර්තා වේ.
එහි දී මර්ස් රෝගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙනුත්, රෝගය මර්දනයට අවශ්‍ය කරන තාක්ෂණික කාරණා සම්බන්ධයෙනුත් සාකච්ඡා කළ බව සඳහන් වේ.
මර්ස් වෛරසය ආසාදිත පුද්ගලයින් හතර දෙනෙකු ඊයේ දිනයේ ද දකුණු කොරියාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වන විට දකුණු කොරියාවෙන් වාර්තා වූ මර්ස් ආසාධිතයන්ගේ සංඛ්‍යාව 154 දක්වා ඉහළ යන අතර වෛරසය හේතුවෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 19ක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.