විනෝද සාද සඳහා ගණිකාවන් සැපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානී ඩොමිනික් ස්ට්‍රෞස් කාන් (Dominique Strauss-Kahn) එම චෝදනාවලට වරදකරු නොවන බව ප්‍රංශයේ උසාවියක් විසින් තීන්දු කරනු ලැබ තිබේ.
ප්‍රංශයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංවිධානය කෙරුණ විනෝදකාමීන්ගේ සාද සඳහා ගණිකාවන් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ඩොමිනික් ස්ට්‍රෞස් කාන් සහ තවත් දහ දෙනකු චෝදනා ලැබ සිටි අතර ‘ලිල්’ (Lille) නගරයේ උසාවි තීන්දුව වුනේ චූදිතයන් ඔවුන්ට එරෙහි චෝදනා වලට වරදකරුවන් නොවන බවයි.
එම සාද වලට කැඳවනු ලැබුණ කාන්තාවන් ලිංගික කර්මාන්තයේ නිරත වූවන් වූ බව තමා නොදැන සිටි බවයි ඩොමිනික් ස්ට්‍රෞස් කාන් දිගින් දිගටම කියා සිටියේ.
ඩොමිනික් ස්ට්‍රෞස් කාන් අධිකරණයෙන් නිදහස ලද නමුත් මෙම මෙම චෝදනා හේතුවෙන් ඔහුගේ කීර්ති නාමයට විශාල හානියක් සිදු වූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
- BBC