ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රාජමුන්ද්‍රි ආසන්නයේ දී අද (13) පෙරවරුවේ වෑන් රථයක් වේල්ලකින් පෙරළීම හේතුවෙන් පුද්ගලයින් 22 දෙනෙකු මරණයට පත් ව තිබේ.
තිරුපති වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටි වන්දනාකරුවන් පිරිසක් අද අළුයම 05.00 ට පමණ මෙලෙස අනතුරට ලක් වී ඇත. ඔවුන් විශාකපට්නම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.