May 06, 2024

ප්‍රහාරය අමතක කොට රණ්ඩු වූ බෝම්බකරුවෝ

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රහාරයකට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු, තමන් ආ කාර්යය පසෙක තබා එකිනෙකා අතර ගුටිබැට හුවමාරුවක යෙදීම නිසා ඔවුන්ගේ සිරුරුවල තිබූ බෝම්බ පිපිරී මියගොස් තිබේ.
 
මෙසේ දෙදෙනාම සතුව තිබූ බෝම්බ පිපිරී යාමෙන්, සිදුවන්නට නියමිතව තිබූ මහත් විනාශයක් වැළකී ගොස් ඇති බව පාකිස්තානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරති.
 
පන්ජාබ් ප්‍රාන්තයේ කසාම් චෝවන් නගරයේ පිහිටි පදික වේදිකාවක් මත වාඩි වී සිටි බෝම්බකරුවන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග ගොස්, අවසානයේ දී එය සටනක් බවට පත් වූ අතර එහි දී දෙදෙනාගේම බෝම්බ පිපිරීගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
Rate this item
(0 votes)
Last modified on Thursday, 11 June 2015 09:39