May 06, 2024

මර්ස් වෛරසය දකුණු කොරියාවෙහි තවදුරටත් පැතිරේ

දකුණු කොරියාවේ පැතිර යන මර්ස් වෛරසය හේතුවෙන් මිය ගිය රෝගීන් සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. එමෙන්ම මෙම වෛරසය ශරීරගත වූ තවත් රෝගීන් 23 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව යි බලධාරීන් ප්‍රකාශ කළේ. ඒ අනුව දකුණු කොරියාව තුළ මර්ස් වෛරසය ශරීරගත වූ බවට හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් තිබේ.

මර්ස් වෛරසය වැළඳුණු බවට හඳුනාගත් පළමුවැන්නා වූයේ සෞදි අරාබියේ සිට දකුණු කොරියාවට පැමිණි ව්‍යාපාරිකයෙකි. සෝල් අගනුවර රෝහලක දී ඔහුට ප්‍රතිකාර ලබා දී ඇති අතර, මර්ස් වෛරසය ශරීරගත වූ පුද්ගලයන් පිළිබඳ ප්‍රථමයෙන්ම වාර්තා වූයේ ද සෞදි අරාබියෙනි. ඒ 2012 වසරේ දී ය.

මෙම වෛරසය ආසාදනය වූ විට උණ, ශ්වසන අපහසුතා, නිව්මෝනියාව මෙන්ම වකුගඩු රෝග ද ඇතිවිය හැකි බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 09 June 2015 13:24