May 07, 2024

චීන නෞකාවේ මියගිය මගීන් වෙනුවෙන් අනුස්මරණ උත්සව

අනතුරට පත් වූ චීන මගී යාත්‍රාවේ සිට ගිලී මිය ගිය මගීන් වෙනුවෙන් ශෝකය පළ කර අනුස්මරණ උත්සව පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය මගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 431 දක්වා ඉහළ ගොස් තිබේ. අතුරුදහන් වූ 11දෙනකු සොයා සහන සේවකයෝ යැන්ග්ට්සි නදිය මෙහෙයුම් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

නදිය ආසන්නයේ පැවැත්වෙන අනුස්මරණ උත්සවය සඳහා මිය ගිය මගීන්ගේ පවුල්වල සාමාජිකයන් 1400කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වේ.

කුණාටුවකට හසු වී අනතුරට පත් යාත්‍රාවේ සිටි 14දෙනෙක් දිවි බේරා ගත්හ. මිය ගිය පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මළසිරුරු වලින් ලබා ගත් ඩීඑන්ඒ සාම්පල පරීක්ෂාවන් සඳහා යොමු කොට තිබේ.

(බීබීසි)

Rate this item
(0 votes)