May 07, 2024

සෞදි අරාබියට එවූ මිසයිලයක් ගුවනේදීම විනාශ කරයි (VIDEO)

දේශසීමා ඔස්සේ හවුති කැරලිකරුවන් එල්ල කළ ස්කඩ් මිසයිලයක් ගුවනේදීම විනාශ කර දැමීමට හැකිවූ බව සෞදි අරාබිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

එය දේශසීමාවේ රඳවා ඇති පේට්‍රියට් මිසයිලයකින් බිම හෙලූ බව සෞදි නිල ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේය. 

පැමිණෙන මිසයිලයක් ගුවනේදීම විනාශ කළ හැකි පේට්‍රියට්  මිසයිල අමෙරිකාව මුලින්ම භාවිත කළේ ඉරාක යුද්ධයේදීය. 

දේශසීමා ප්‍රදේශයේ පසුගිය 05 වැනිදා පැවති සටන්වලදී සෞදි සෙබලූන් 4 දෙනෙකු සහ යේමන කැරලිකරුවන් පිරිසක් මියගිය බවත් එම වාර්තා සඳහන් කරයි.

මේ අතර, ජිනීවාහි පැවැත්වෙන සාම සාකච්ඡා සඳහා සහභාගිවීමට සූදානම් බව යේමනයේ බලය අත්පත් කරගෙන සිටින හවුති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇත. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 June 2015 02:18