May 06, 2024

සදාම් ගේ එකම ක්‍රිස්තියානි සගයා මියයයි

ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ගේ සමීපතම සගයෙකු මෙන්ම ඔහුගේ රජයේ විදේශ අමාත්‍යවරයා වූ තාරීක් අසීස් එරට බන්ධනාගාරයකදී මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

2009 වසරේදී ඔහුට වසර 15 ක සිර දඩුවම් නියම වූයේ ඉරාකයට ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පනවා තිබියදී ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමූ වෙළඳුන් හතලිස් දෙදෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කරලීමේ චෝදනාවටයි. කුර්දිවරුන් අවතැන් කිරීම සම්බන්ධයෙන් පසුව ඔහුට තවත් සත් වසරක සිර දඩුවම් නියම වී තිබුණි.

සදාම් හුසේන්ගේ රජය පිළිබඳ ජාත්‍යන්තරයේ ප්‍රතිරූපය නංවාලීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කළ තාරීක් අසීස් ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ එකම ක්‍රිස්තියානු සාමාජිකයා වූ බවයි සඳහන් වූයේ.

Rate this item
(0 votes)