May 07, 2024

ඝානා හි ඉන්ධන පිරවුම්හලක පිපිරීමකින් 175ක් මිය ගිහින් (VIDEO) 

බටහිර අප්‍රිකානු රටක් වන ඝානාහි අක්‍රා අගනුවර ඉන්ධන පිරවුම්හලක ඊයේ (04) සිදුවූ පිපිරීමකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පිපිරීමෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම පිපිරීම සිදුවන අවස්ථාව වනවිට එම ප්‍රදේශයට අධික වර්ෂාවක් දින දෙකක් මුළුල්ලේ ඇදහැලීම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හට ගෙන ඇත. 

කෙසේ වෙතත් මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් බේරාගැනීමේ කටයුතු වලට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

එම පිපිරීමේ දර්ශන පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Friday, 05 June 2015 12:06