May 06, 2024

ඩොන්ස්ක් නගරයේ දරුණු ගැටුම් 

යුක්රේන හමුදා සහ රුසියානු හිතවාදී කැරළිකරුවන් අතර යළිත් උග්‍ර ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොන්ස්ක් නගරයේ මේ වනවිට දරුණු ගැටුම් පවතින අතර දෙපාර්ශවය බර අවි ප්‍රහාර එල්ල කර ගන්නා බවත් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් වාර්තා ලැබී නොමැත.  

Rate this item
(0 votes)