May 19, 2024

450 ක් සමග චීන මුහුදේ නැවක් ගිලේ

මගීන් සහ කාර්ය මණ්ඩලයේ 450 දෙනෙකු සමග නෞකාවක් චීන මුහුදේ ගිලී ඇති බව විදෙස් වාර්තා පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ දකුණු චීනයේ යැන්සි ගඟේ ගමන් කරමින් තිබූ මෙම නෞකාව ගිලී ඇති බවයි.

නෞකාවේ සිටි පිරිසෙන් 08 දෙනෙකු බේරා ගැනීමට මෙහෙයුම්වල නිරත කණ්ඩායම්වලට හැකි වී ඇත. මෙහි ගමන් ගත් 405 දෙනෙකු චීන ජාතිකයන් වන අතර කාර්ය මණ්ලයේ 47 දෙනෙකු ද එහි සිටි බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.

සිද්ධිය සැලවීමත් සමග චීන අග්‍රාමාත්‍ය ලී කිකියෑන් එම ප්‍රදේශයේ නිරීක්ෂණය සඳහා ගොස් ඇත. 

Rate this item
(0 votes)