May 19, 2024

ඉන්දියාවේ දැඩි උණුසුම නිසා 2200ක් මිය ගිහින්

ඉන්දියාවේ පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2200 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ආන්ද්‍ර ප්‍රදේශ්, තෙලංගානා සහ ඔඩීෂා ප්‍රාන්තවල පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 202 ජීවිතක්ෂයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කළේය. 

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ජීවිත හානි 146 ක් වාර්තාවන අතර තෙලංගානා ප්‍රාන්තයේ මියගිය සංඛ්‍යාව 52 කි. මේ අතර නාග්පූර් සහ මහාරාෂ්ඨ ප්‍රාන්තවලද සෙල්සියස් අංශක 47.1 ක උෂ්ණත්වයක් වාර්තාවන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)