May 19, 2024

පාකිස්තානයේ මගී බස් රථ 02 කට ත්‍රස්ත ප්‍රහාරයක්

බටහිරදිග පාකිස්තානයේ කුවෙටා නගරයේ සිට දකුණු වෙරළාසන්නයේ පිහිටි කරච්චි නුවර වෙත ගමන් ගනිමින් තිබූ මගී බස් රථ දෙකකට ඊයේ (29) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 19දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

හමුදා ඇඳුමෙන් සැරසුණු කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි මේ වන විට එරට පුවත් සේවා වාර්තා කර ඇත්තේ.

ඊට ගොදුරුවූවන් සියලූ දෙනාම ස්වදේශික පුෂ්තුන්වරුන් වන බවත් මෙම ප්‍රාන්තයේ බෙදුම්වාදී අරගලයක් ද ක්‍රියාත්මක වන අතර මෙවැනි ප්‍රහාර මීට පෙර ද වාර්තා වී ඇති බවත් සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 May 2015 12:22