May 19, 2024

සිරියා හමුදා සතු අවසන් නගරයත් කැරළිකරුවන් අල්ලයි

අල්කයිඩා සංවිධානයට සම්බන්ධකම් දක්වන සිරියානු අල් නුස්රා සටන්කාමීන් සිරියාවේ ඉඩ්ලිබ් නගරය ඊයේ (28) සිය ග්‍රහණයට ගැනීමට සමත්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

තුර්කි දේශසීමාව ආසන්නයේ පවතින ඉඩ්ලිබ් නගරය ක්‍රමෝපාය අතින් වැදගත් නගරයක් ලෙසද සැලකෙයි. එමෙන්මඑය පිහිටා ඇත්තේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බලකොටුව ලෙස සැලකෙන ලටාකියා ප්‍රාන්තය සීමා කොටගෙනය.

කෙසේ නමුත්  සිරියානු රජය ප්‍රකාශ කළේ එහි තවමත් දරුණු ගැටුම් පවතින බවය.

එය බටහිර දිග සිරියාවේ රජයේ හමුදා සතුව පැවති අවසන් ප්‍රධාන නගරය ලෙසද හැඳින්වුණි. 

Rate this item
(0 votes)