May 19, 2024

මැදපෙරදිගින් ටෝනි ඉවතට

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් මැද පෙරදිග සාම නියෝජිත තනතුරින් ඉවත් වීමට තීරණය කර තිබේ. ටෝනි බ්ලෙයාර් 2007 වසරේදි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුව මැදපෙරදිග සාම නියෝජිතයා ලෙස පත් කෙරිණ.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් උපුටා දක්වමින් බී.බී.සි ලෝක සේවය පවසන්නේවසර 8 ක් එම ධුරය හෙබවූ ටෝනි බ්ලෙයාර්එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මුන් වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බවය.

වැටුප් රහිත එම තනතුර ස්ථාපනය කෙරුණේ ඊශ්‍රායල්- පලස්තීන අර්බුදය විසඳීම සඳහා අමෙරිකාව, රුසියාව, යුරෝපා සංගමය හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයා ලෙසය.

Rate this item
(0 votes)