මෙක්සිකෝවේ මිචෝආකැන් ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතර ඊයේ ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙම ගැටුම ඊයේ දිනයේ පැය 3 කට අධික කාලයක් පැවැති අතර ගැටුම වැළැක්වීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ද තුවාල ලබා ඇත. ඉන් එක් පොලිස් භටයෙකු පසුව ජීවිතක්ෂයට පත්වූ බවයි මෙක්සිකෝ වාර්තා සදහන් කළේ.
පසුව ගැටුම සිදුවූ ස්ථානයේ තිබී ගිනි අවි 30 කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන තිබේ.