ඉන්දියාවේ කොල්කටා නුවර මගී දුම්රියක අද (12) පිපිරීමක් සිදු වී තිබේ.
එක් දුම්රිය මැදිරියක මගීන් අතර කලහකාරී සිදුවීමක් වාර්තා වූ බවත් ඉන් අනතුරුව අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් මෙම පිපිරීම සිදු වී ඇති බවත් ඉන්දීය පොලීසිය සඳහන් කර තිබේ.
එහි දී තුවාල ලැබූ 17 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර පිපිරීම හේතුවෙන් කොල්කටා දුම්රිය ගමන් සේවා තාවකාලිකව අත්හිටුවීමට ද සිදු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.