May 16, 2024

‘මලාලා’ කුඩා ග්‍රාහකයකට

නොබෙල් සාම ත්‍යාගලාභී ලාබාලතමයා වන පාකිස්තානයේ මලාලා යුසුෆායි නමින් ග්‍රහකයක් නම් කිරීමට ඇමරිකානු නාසා ආයතනය පියවර ගෙන ඇත.

අඟහරු සහ බ්‍රහස්පති අතර ග්‍රාහක වලල්ලේ පිහිටි 316201දරණ ග්‍රාහකය මෙලෙස මලාලා ලෙස නම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගෞරව කිරීමක් ලෙස ග්‍රාහකයක් කාන්තාවකගේ නමින් නම් කළ අවස්ථා දුර්ලභ බවයි නාසා ආයතනය මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

මලාලා සෑම වසර පහමාරකටම වරක් සූර්යයා වටා පරිභ්‍රමණය වන කුඩා ග්‍රහ වස්තුවක්.

Rate this item
(0 votes)