May 01, 2024

ඉරානයට න්‍යෂ්ටික අවියක් නොදීමට බටහිර දැඩි උත්හසයක

ඉරානය සමග න්‍යෂ්ටික එකඟතාවකට එළඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බටහිර බලවතුන් ඊයේ (21) ලන්ඩන් නුවර රැස් විය.

එහිදී බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ, ජර්මානු සහ ඇමරිකානු විදේශ අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඉරානය සමග පවත්වන සාකච්ඡාවල කැපී පෙනෙන ප‍්‍රගතියක් දක්නට ලැබෙන බවය.

එහෙත් ප‍්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තවමත් පූර්ණ එකඟත්වයක් නොමැති බව ඔවුන් එහිදී ප‍්‍රකාශ කර ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේවෙතත් ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන තුළින් න්‍යෂ්ටික අවියක් අත්පත්කර ගැනීම වැළැක්වීම බටහිර රටවල අරමුණ වී ඇත. ඒ සඳහා න්‍යෂ්ටික ඉන්ධන සකස් කිරීමේ ක‍්‍රියාවලිය නතර කරන ලෙස ඔවුන් ඉරානයෙන් ඉල්ලා සිටි. ඒ වෙනුවෙන් ඉරානය වෙත පැනවුණු සම්බාධක ලිහිල් කිරීමට බටහිර රටවල් සූදානම් වී ඇත.

Rate this item
(0 votes)